අනුරුද්ධ පොල්ගම්පොලට ඇප

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරුද්ධ පොල්ගම්පොලට ඇප

by Staff writer 18-05-2018 | 12:10 PM
COLOMBO (News 1st) - උතුරු අධිවේගී මාර්ගයේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා අද ඇප මත මුදා හැරිණි. ඒ, අද පෙරවරුවේ ඔහු කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්ද රාජා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී ඔහුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය. විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්නැයි දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ඔහු ඇප කොන්දේසි කඩ කරන්නේ නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග කළේ ය. https://www.youtube.com/watch?v=3Vk5iJFSYU4