නජීබ්ගේ නිවසින් මුදල් සහ භාණ්ඩ සහිත පෙට්ටි 284ක්

මලයාසියාවේ හිටපු අගමැතිගේ නිවසින් මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284ක් සොයා ගනී

by Staff writer 18-05-2018 | 11:05 AM
(News 1st) - මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසේ තිබී අද උදෑසන මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පෙට්ටිවල මුදල්, ස්වර්ණාභරණ සහ මිල අධික අත්බෑග් ආදිය තිබූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, මලයාසියානු සංවර්ධන අරමුදලේ ඩොලර් බිලියන ගණනක වංචා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළව මෙම වැටලීම සිදු කළ බව ය. මේවායේ මුළු වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.