by Staff writer 18-05-2018 | 1:20 PM
COLOMBO (News 1st) - කොළඹ නාගරික සීමාවෙහි රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු නොගෙවීමේදී සිදු කළ දඩ අය කිරීම් වහාම අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග කර තිබේ.
නගරාධිපතිනියගේ නිල ට්විටර් ගිණුමේ සඳහන්ව තිබුණේ, ඉදිරියේදී මහ නගර සභාවේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව මෙම නියෝගය කළ බව ය.
කොළඹ නාගරික සීමාවේ ඇතැම් රථ ගාල්වල ගාස්තු අය කිරීම සඳහා ස්වයංක්‍රීය මීටර සවි කර තිබූ අතර ඒවායින් ගාස්තු නොගෙවන රථ වාහන හිමිකරුවන්ගෙන් දඩ අය කිරීමට පසුගිය දිනවල පියවර ගෙන තිබිණි.
එහිදී එල්ල වූ චෝදනාව වූයේ, මෙම දඩ අය කිරීම සාධාරණව සිදු නොවන බවට ය.