ක්‍රිකට් මහ ගෙදරට අයිතිය කියන්න සංගත් එක්වෙයි

ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරට අයිතිය කියන්න කුමාර් සංගක්කාරත් එක්වෙයි

by Nadeeshan Meedin 18-05-2018 | 3:56 PM

COLOMBO (News 1st) - සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණය ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. ක්‍රිකට් ක්‍රීඩයේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකිණීමක් ලෙස මෙය සඳහන් කළ හැකියි.

හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇතැයි වාර්තා වන අතර, ඊට කුමාර් සංගක්කාර ද එක්ව සිටීම විශේෂත්වයක් වේ. "ලෝඩ්ස් ක්‍රීඩාංගණය විශේෂිත ක්‍රීඩාංගණයක් ලොව වටා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට, දැන් ඔවුන්ටත් අවස්ථාවක් ලැබී තිබෙනවා එහි කොටසක හෝ අයිතිය ලබා ගැනීමට.මාගේ ක්‍රීඩා දිවියේ විශේෂ ස්ථානයක් විදියට ලෝඩ්ස් ක්‍රීඩාංගණය සඳහන් කළ හැකියි. මා ඉතා ගෞරවයක් කියා සිතනවා මේ ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩා ලෝලීන්ව පිනවීමට හැකි වීම ගැන. මෙම ක්‍රීඩාංගණයේ කොටසකට අයිතිය මටත් ලැබීම භාග්‍යයක් විදියට මම සිතනවා." කුමාර් සංගක්කාර විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත. ලෝඩ්ස් පිටියේ ස්ථානයක් තමන් වෙත ලබා ගැනීම සඳහා අයැදුම් කළ යුතු වන අතර අඩුම මිල ලෙස දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 500 කි. කුමාර් සංගක්කාරට අමතරව ඩේවිඩ් ගවර්, ඇලන් ලෑම්බ් සහ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ලෝඩ්ස් පිටියේ තම කොටස් ලබා ගත් ක්‍රීඩකයින් වේ.