ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව IMFහි ප්‍රසාදය

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය

by Staff writer 18-05-2018 | 10:16 AM
COLOMBO (News 1st) - ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් ඛනිජ තෙල් මිල සංශෝධනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවට ලබා දෙන සමීපස්ථ ණය මුදලේ මීළඟ ණය වාරිකය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව ඇගයීම ජුනි මස පළමු වන දා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ, මිල සූත්‍රය හඳුන්වා දීම ධනපති පන්තියට වඩා දුප්පත් ජනතාවට වඩාත් වාසිදායක වනු ඇති බව ය.