මාස 5ක් තුළ රාජ්‍ය නිලධාරීන් 18ක් අල්ලස් දැලේ

මාස 5ක් තුළ රාජ්‍ය නිලධාරීන් 18ක් අල්ලස් දැලේ

මාස 5ක් තුළ රාජ්‍ය නිලධාරීන් 18ක් අල්ලස් දැලේ

කර්තෘ Sakila Udayakumara

18 May, 2018 | 9:21 am

COLOMBO (News 1st) – වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේදී රාජ්‍ය සේවකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව ය.

රාජ්‍ය ආයතනවල පවතින ඇතැම් චක්‍රලේඛවල සංකීර්ණ භාවය සහ විනිවිද භාවයකින් තොරවීම අල්ලස් ගැනීම් ඉහළ යාමට ඝෘජුවම බලපා ඇතැයි ද සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]