වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට

by Hashini De Mel 17-05-2018 | 10:40 AM

COLOMBO (News 1st) - වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය 11 වන දා වැලිගම පොල්අතු මෝදර පාලම විවෘත කිරීමේදී පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රියේ නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනිණි. සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.