by Hashini De Mel 17-05-2018 | 5:53 AM
COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනු ඇත.
ඒ, සිංගප්පුරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ එට්කා ගිවිසුමට විරෝධය පළ කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ ද හදිසි ප්‍රතිකාර සේවා පවත්වා ගෙන යන බවයි.