උඩවලවේ සහ කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ

ප්‍රදේශ රැසකට තද වැසි: උඩවලවේ සහ කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ

by Hashini De Mel 17-05-2018 | 7:38 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 - 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේ ය. පවතින වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් සහ කලාවැවේ වාන් දොරටු 2 ක් විවෘත කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ ආශ්‍රිත පහත්බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු බවයි.