නව බස් ගාස්තුවට ජනතාවගේ දැඩි අප්‍රසාදය

නව බස් ගාස්තුවට ජනතාවගේ දැඩි අප්‍රසාදය

by Hashini De Mel 17-05-2018 | 1:26 PM

COLOMBO (News 1st) - බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ, තමන් දැඩි පීඩාවට පත්වන බවයි. මේ අතර බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන අඟහරුවාදා (22) කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ පස්වරුවේ ප්‍රවාහන බලධාරීන් හා පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ, 12.5% කිනි. මේ අනූව අවම බස් ගාස්තුව රුපියල් 12 ක් වනු ඇති. පළමුව, බස් ගාස්තුව 6.56 % කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ අතර බස් සංගම් ඊට විරෝධය පළ කිරීමත් සමග බස් ගාස්තුව මෙලෙස යළි ඉහළ දැමුණි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය 10% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියදී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනය 20% ක් දක්වා ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියේ ය.