ගලේවෙල පොලීසිය වැටලු සිගරට් ජාවාරම

ගලේවෙල පොලීසිය වැටලු සිගරට් ජාවාරම

by Hashini De Mel 17-05-2018 | 6:56 AM

COLOMBO (News 1st) - නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලේවෙලදී පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමග සිගරට් ජාවාරමක තොරතුරු අනාවරණයවී තිබේ.

මෙරටට නීති විරෝධී ලෙස රැගෙන විත් බෙදා හරිමින් සිටි රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා සිගරට් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ගලේවෙල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් නවතා පරීක්ෂා කර ඇත. එහිදී වැන් රථය තුළ සූක්ෂමව අසුරා තිබී මෙම සිගරට් තොගය සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුන් නිට්ටඹුව, කළගෙඩිහේන සිට මෙලෙස දිවයින පුරා සිගරට් බෙදා හැරීමේ ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණ වී තිබේ. සැකකරුවන් දෙදෙනා වෑන් රථය සහ සිගරට් තොගය අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.