ආසියානු පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

by Hashini De Mel 17-05-2018 | 11:18 AM

COLOMBO (News 1st) - 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය.

ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු අවස්ථාව මෙය වනු ඇති. 17 වැනි ආසියානු ශූරතාවලිය ජපානයේදී පැවැත් විය. මෙය ක්‍රියාත්මක වූයේ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තේරීම් තරගාවලියක් ලෙසිනි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද කණ්ඩායමක් එක් වූ අතර ඔවුන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්හ. තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනූ පළමු අවස්ථාව මෙන්ම මෙරට ලැබූ ඉහළම ජයග්‍රහණය ද එයයි. වයස අවුරුදු 14 - 17 කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිව තිබේ. අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ, කණිෂ්ඨ කේවල අංශයෙන් තරග කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ වින්ස් ආශින්කායි. ඒ අනුව අදාළ පදක්කම් දිනු ක්‍රීඩිකාවන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා අවශ්‍ය මූලික පරිසාධන මට්ටම සපුරා ඇත.