ආගමන විගමන නිලධාරීන් අද රාත්‍රියේ සිට අකුරට වැඩ

ආගමන විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

by Hashini De Mel 17-05-2018 | 2:33 PM

COLOMBO (News 1st) - සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීමට විරෝධය පළ කරමින් ආගමන විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් වේ.

එම සංගමයේ සභාපති අරුණ කණුගල මහතා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට සේවකයින් පිරිසක් මේ වනවිට කලුපටි පැළඳ විරෝධතාවක ද නිරත වන බවයි. ඊට අමතරව තව ත් පිරිසක් කලුපටි පැළඳ සේවයේ නිරත වන බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙන්නේ, පිටත්වීමට ඇති වේලාවට පැය 3 කට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙසයි. ආගමන විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු මෙම පියවර අනුගමනය කරන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටි.