ආනයනික සීනි සඳහා වන බද්ද ඉහළ දමන්නැයි ඉල්ලීම්

ආනයනික සීනි සඳහා වන බද්ද ඉහළ දමන්නැයි ඉල්ලීම්

ආනයනික සීනි සඳහා වන බද්ද ඉහළ දමන්නැයි ඉල්ලීම්

කර්තෘ Hashini De Mel

17 May, 2018 | 6:39 am

COLOMBO (News 1st) – ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කරන්නැයි සීනි ආනයනකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ, එම යෝජනාව කමිටුව ප්‍රතික්ෂේප කළ බවයි.

දැනට ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා අයකරන බද්ද රුපියල් 31 කි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ ගොස් ඇත.

ඒ සමගම ආනයනකරුවන් තොග විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගබඩා කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.