හෙට බස් වර්ජනයක් නැහැ...

හෙට බස් වර්ජනයක් නැහැ...

by Hashini De Mel 16-05-2018 | 8:33 PM

COLOMBO (News 1st) - බස් ගාස්තුව 12.5 % කින් වැඩි කිරීමට අද පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව අවම ගාස්තුව ද රුපියල් 12 ක් දක්වා වැඩි වනු ඇති. 6.56 % ක බස් ගාස්තු වැඩිවීමකට ලබාදුන් අනුමැතියට බස් සංගම් විරෝධය පළ කළ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බවට ද අනතුරු ඇගවීම් කළේ ය. පිරිසක් 10 % ක වැඩිවීමක් ඉල්ලා සිටි අතර තව ත් පිරිසක් කියා සිටියේ, 15 % ක වැඩිවීමක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් අද උදෑසන සිට සාකච්ඡා වට ගණනාවක් පැවති අතර පස්වරුවේ ජාතික ගමනාගමන කොමිසමේදී පාර්ශව ගණනාවක් යළි හමු විය.