අනුරුද්ධ පොල්ගම්පොළ CID අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ CID අත්අඩංගුවට

by Staff writer 16-05-2018 | 11:31 AM
COLOMBO (News 1st) - උතුරු අධිවේගී මාර්ගයේ මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවකට වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු වව්නියාව අධිකරණයේ විභාග වන ඊට අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති බව ය. අත්අඩංගුවට ගත් අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.