ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව 24 රැස්වෙයි

මාස කිහිපයකට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන 24 රැස්වෙයි

by Staff writer 16-05-2018 | 10:05 AM
COLOMBO (News 1st) - මාස කිහිපයකට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන 24 වන දා යළි රැස්වේ. අවසන් වරට එය රැස් වුණේ, පසුගිය නොවැම්බර් මාසයේ ය. අග්‍රාමාත්‍යවරයා සභාපතිත්වය දරණ මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවනු ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහය වීම පිණිස ය. සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවට අතුරු වාර්තාවක් ද ඉදිරිපත් කළ අතර එය දින 05ක් පුරා විවාදයට ගැනිණි. එම විවාදයේදී මතු වූ කරුණු මෙන් ම අතුරු වාර්තාව සම්බන්ධයෙන් ලැබුණු මහජන අදහස් හා විද්වත් මත ලබන 24 වන දා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති. නිව්ස්ෆස්ට් කළ වීමසීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් රජයේ අධිනීතිඥ යුරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, මෙම රැස්වීමේදී නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ ද නොඑසේනම් පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්නේ ද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිත බව ය.