මවක් සහ දියණියක් බිහිරි සොරොව්වට බිලි

මවක් සහ දියණියක් බිහිරි සොරොව්වට බිලි

by Hashini De Mel 16-05-2018 | 6:03 PM

COLOMBO (News 1st) - දෙහිඅත්තකණ්ඩිය, බිහිරි සොරොව්වේ දිය නෑමට ගිය මවක සහ දියණියක දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් දියේ ගිලී මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ අවුරුදු 4 ක් වයසැති ගැහැණු දරුවෙක් සහ 30 හැවිරිදි ඇගේ මව බව පොලීසිය සඳහන් කළේ ය. මේ වනවිට ඔවුන්ගේ මළ සිරුරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට රැගෙන ගොස් ඇත.