ජල ගාස්තුත් වැඩි වන ලකුණු....

ජල ගාස්තුත් වැඩි වන ලකුණු....

by Staff writer 16-05-2018 | 12:11 PM
COLOMBO (News 1st) - ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශය පවසයි. එහි ලේකම් වසන්න හපුආරච්චි මහතා සඳහන් කළේ, ජල සම්පාදන මණ්ඩලයේ නිර්දේශ මත එම යෝජනාව ඉදිරිපත් කරන බව ය. 2012 වසරෙන් පසුව ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව පෙන්වා දුන් ලේකම්වරයා ජලය පිරිසිදු කර බෙදා හැරීමට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේ ය. මීට අමතරව විදුලිබිල හා ඉන්ධන මිල ගණන් ද අදාළ කාලය තුළ ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය. ඒ අනුව අද ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන යෝජනාවට ලැබෙන අනුමැතිය අනුව ජල ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇති. මේ අතර ජල සම්පාදන මණ්ඩල වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, ජල ගාස්තු ඉහළ නොදැමීම හේතුවෙන් මණ්ඩලය උග්‍ර මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බව ය.