සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ අපට නොපෙන්වන තිත්ත පැත්ත

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ අපට නොපෙන්වන තිත්ත පැත්ත

by Hashini De Mel 15-05-2018 | 10:10 PM

COLOMBO (News 1st) - පසුගිය දා අත්සන් කරන ලද සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව දැඩි කතා බහක් ඇති වෙමින් පවති.

විශේෂයෙන්ම වෘත්තියවේදීන් සහ ඔවුන්ගේ සංවිධාන ගණනාවක් මෙම ගිවිසුම රටට මෙන්ම ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළට බරපතළ ලෙස අහිතකර බව පෙන්වා දෙති. අද පැවතී මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය සඳහන් කළේ, මෙම ගිවිසුම ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම වංචාව බවයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර දේශීය වෘත්තීයවේදීන්ගේ අදහස් ලබාගැනීමට බලධාරීන් කටයුතු නොකිරීම සහ පෙන්වා දුන් අහිතකර කරුණු හිතා මතා අමතක කර දැමීම ද මෙහිදී විවේචනයට බඳුන් විය.