සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ?

සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ?

by Hashini De Mel 15-05-2018 | 10:26 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාව සහ ව්‍යුහය නැවත සකස් කිරීම තුළින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද සවස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, කුමාර් සංගක්කාර,
හැම වෙලාවෙම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවයි ව්‍යුහයයි හරි ආකාරව අලුත් විදිහකට හදන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරිහමන් විදිහට පාවිච්චි කරලා හැදුවොත් එන එන පුද්ගලයන්ව ඉලක්ක කරගන්න ඕනෙත් නෑ. මේ පුද්ගලයාව ඒ පුද්ගලයාව කියලා ඉලක්ක කර ගන්න ඕනෙත් නෑ. කව්රු ආවත් ක්‍රිකට් ක්‍රීඩාවයි ව්‍යවස්ථාවයි ශක්තිමත්ව තියෙයි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න