භූමිතෙල් මිලෙන් පීඩා විඳින වතු ජනතාව

භූමිතෙල් මිල ඉහළ යාමෙන් පීඩා විඳින වතු ජනතාවගේ කඳුළු කතාව

by Hashini De Mel 15-05-2018 | 8:09 PM

COLOMBO (News 1st) - භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් වතු ජනතාව මේ වනවිට පීඩාවට පත් ව සිටි.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉදිකරන ලද බගවන්තලාවේ නිවාසවල ජනතාව දිවි ගෙවන්නේ ඉතාමත් අසීරුවෙනි. රුපියල් 500 ක අවම දෛනික අදායමකින් ජීවත් වන මෙම ජනතාව සිය දෛනික අවශතාවයන් සපුරාගන්නේ ද දැඩි දුෂ්කරතා මැද ය. කුප්පිලාම්පු එළියෙන් ආලෝකමත් වූ ඔවුන්ගේ ජීවිත තව ත් අඳුරුවීමට පටන්ගන්නේ භූමිතෙල් මිල ඉහළ යාමත් සමගිනි. මේ දිනවල පවතින වැසි සහිත කාළගුණයත් සමග මේ ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා භූමිතෙල්වල අවශ්‍යතාවය වැඩි වශයෙන් දැනෙන්නට පටන් ගෙන තිබේ. අත්‍යවශ්‍ය බඩු මිල ඉහළ යාමෙන් පීඩාවිඳි මේ ජනතාව, භූමිතෙල් මිල ඉහළයාමත් සමග පත්ව ඇත්තේ කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකටයි.