දිලුම් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

දිලුම් අමුණුගම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට

by Sagarika Chathumali 15-05-2018 | 12:01 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මහනුවර - දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට ඔහු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ඇති බවයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනු ඇත.