චීනයෙන් ණයක් ලැබීම සතුටට කරුණක් ද?

චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලැබීම සතුටට කරුණක් ද?

by Hashini De Mel 15-05-2018 | 8:42 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ පාලනය භාරගත් 2005 වසර වන විට ශ්‍රී ලංකාව ලබාගෙන තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222 කි.

රාජපක්ෂ මහතාගේ පාලන කාලයෙන් අඩක්ගත වූ 2010 වසරේ එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 4590 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඔහු ජනාධිපතිවරණය පරාජයවී වත්මන් පාලනය රට භාරගත් 2015 වසර වනවිට රටේ මුළු ණය ප්‍රමාණය බිලියන 7391 ක් වනු ඇත. වත්මන් රජය යටතේ 2017 වසර නිමාවන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10313 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ රාජ්‍ය ආදායම ඉතා අඩු ප්‍රමාණයක පැවතීම රජයේ ණය බර ඉහළයාමට හේතුවී ඇති බවයි. එම ආදායම පසුගිය වසර ගණනාව තුළ රටේ එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවූ බව මහබැංකුව පවසයි. එහි ප්‍රතිඵලයවී ඇත්තේ මහාපරිමාණ ව්‍යාපෘතිවලට මෙන්ම මීට පෙර ලබාගත් ණය වාරික ගෙවා දැමීමටත් රටේ එදිනෙදා වියදම් සඳහාත් යළිත් ණය ලබාගැනීමට සිදුවීමයි. මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව 2018 වසර ආරම්භ වන විට මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතක් ලෙස 77.6% ක් ලෙස දැක්විණි. රාජ්‍යයන් අතර සහයෝගයෙන් සහන පදනම මත අධාර ලබාගැනීම, ඉදිකර ක්‍රියාත්මක කර පවරාදීම හෝ ඉදිකර ක්‍රියාත්මක කිරීම වැනි උපාය මාර්ග මගින් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට වඩා අධික පොලියට ලබාගන්නා ණය යොදාගෙන මාර්ග ඉදිකිරීම වැනි ක්‍රියා රටට කෙතරම් හිතකර වෙයි ද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වසන්ත සමරසිංහ,
ඩොලර් බිලියනයක් ණය ගත්තා ලොකු හපන් කමක් වගේ හැබැයි ඒ ඩොලර් බිලියන අරගෙන ආපහු හැරෙනකොට ඩොලර් බිලියන ඉවරයි. අපි මේ අවුරුද්දට ‍බිලියන 4ක් ඩොලර් බිලියන 4ක විදේශිය ණය ගෙවන්න තියෙනවා. ඒ ණය සඳහා මුදල් හොයන්න ‍ඕනේ ගමේ ඉන්නවා පොලියට සල්ලි දෙන අය දැනගත්තහම සියයට 10 ටත් දෙනවා. වුවමනාව වැඩිනම් සියයට 10ට ත් ගන්නවා. මේ ආණ්ඩුව ණය ගන්නෙත් එහේම පහුගිය අවුරුදු 3 ට දින 1100 ක් පමණ මේ ආණ්ඩුවගත කරලා තියෙනවා. බිලියන 3300 ක් ණය කරලා තියෙනවා. දවසට කෝටි 300 ක් ණය කරලා තියෙනවා. ආණ්ඩුව තියෙන දේවල් විකුණන් විකුණන් ගිහිල්ලා අවසානයේ රාජ්‍ය ආදායම් ලබන ආයතනත් විකුණන්න ලැහැස්ති කරලා තියෙන්නේ ඒ පිටරටින් ණයගන්න තියෙන අපහසුතාව නිසා ඒ.ඩී.බී. එකේ කෝන්දේසි වල්ඩ් බෑන්ක් එකේ කොන්දේසි අයි.එම්.එෆ්. එකේ කොන්දේසි සම්පුර්ණ  කරන්න ඒ නිසා මේක ආණ්ඩුවේ හපන්කමක්වත් හැකියාවක්වත් නෙවෙයි මේ ක්‍රමයට බැහැ ණය නොවි රට අගලක්වත් ඉස්සරට යන්න.
වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, අචාර්ය අමින්ද පෙරේරා,
ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව බැලුවාම ඉතාම පැහැදිලියි අපි ඉතිහාසයේ වැඩිම ණය ගෙවීමක් සිද්ධ වෙන්නේ 2018 ට 19 ය 20 කියන කාලය තුළ 22 වෙනකම් අපිට යම් අකාරයක පීඩනයක් තියෙනවා. ඉතින් එ් වගේ අතිවිශාල ණය වෙච්ච වෙලාවක කෙනෙකුට හිතන්න පුලුවන් රජට තවදුරටත් ණය ගැනීම තුළින් අපේ රට අධික ණය බර තාවකට පත්වෙන්න පුලුවන් ආර්ථික වශයෙන් රට බංකොලොත් වෙන්න පුලුන් නේද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛතාවන් අපි තාම හඳුනාගෙන නෑ කියන එකයි මගේ මතය. ප්‍රමුඛතාව තුළ මං විස්වාස කරනවා අගනුවර මේ රටේ මරමස්ථානය තියෙන්නේ බස්නාහිර පළාත තුළ මීට වඩා වේගවත් මර්ග සංවර්ධනයකට තමයි රජය ප්‍රමුඛතාව දිය යුත්තේ.
ජාතික සමගි පෙරමුණේ නායක, අසාද් සාලි,
අග්‍රාමාත්‍යතුමා කියනවා ලංකාවයම හොඳ නිව්ස් එකක් අපිට ඩොලර් බිලියන් එකක් හම්බවුණා චීනයෙන් මේ අධිවේගී මාර්ගය හදන්න. මීට ඉස්සර හිටපුවුන් ගෙවාගන්න බෑ කියලා අපි පුන පුනා කියලා. අපි දැන් චූන් ගන්නවා අපි ඊට වාඩ ලොන් ගත්තා කියලා තමයි දැන් මේතනදී බිලියනයක් දෙන්නේ මොකටද චීන සමාගම් මෙතෙන්ට ගෙනැල්ලා වැඩ කරන මිනිස්සුත් ගෙනැල්ලා අපේ ලාංකිකයන්ට අවස්ථාව නැතුව වැඩ කරනවා. හයිවේ එක හදන්න එකට බිලියනයක් යට කරනකොට අර ඉඩම් ටික ගත්ත මිනිස්සුන්ගේ තත්ත්වය මොකද් ද? ගෙවල් අහිමි වෙච්ච කට්ටියගේ තත්ත්වය මොකද්ද එවට කොම්පන්ෂෙෂන් කවුද ගෙවන්නේ මේ ඔක්කොම රටේ ආර්ථිකයට ගොඩවෙනකොට අපේ දරුවන්ගේ දරුවන්ටවත් පුලුවන් වෙයිද මේ ණය ගෙවලා ඉවර කරන්න.
මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ඔවුන්ගේ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳව කළ මේ පැහැදිලි කිරීම අපේ රටටත් අදාල නොවන්නේ ද? මලයාසියානු අග්‍රාමාත්‍ය, ආචාර්ය මහතීර් මොහොමඩ්,
ගොඩක් මිනිස්සු චීන ආයේජනයන්ට අකමැතියි. අපි පෙනී සිටින්නේ මැලේෂියාව වෙනුවෙන් අපි මලයාසියානුවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. අපිට අවශ්‍ය නෑ මේ රටේ කොටස් විදේශ ආයතනවලට විකුණන්න. මේ විදේශ ආයතන මලයාසියානු රිංගිට් ලක්ෂ 07 කින් විතර ජොහෝර්වල සම්පූර්ණ නගරයක් සංවර්ධනය කරනවා ලක්ෂ 07 ක් කොහෙන්ද එන්නේ. අපේ රටට ජනතාවට මුදල් නෑ මේ වගේ ඉහළ මුදලකට නිවාස මිලදී ගන්න ඉතින් ඒ ගොල්ලෝ විදේශිකයින් ගෙනවා. කිසිම රටක් කැමති නෑ තමන්ගේ රට තුළ විදේශිකයින් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවාට. එය තමා යුරෝපයේ සිදුවන්නේත් ඔවුන් වැටවල් හදනවා කටුකම්බි දානවා විදේශයින් රට තුළට ඒම වැලැක්වීමට අපේ රට තුළදී මේ ආයෝජනවලින් අපිට කිසි දෙයක් හම්බවෙන්නේ නෑ අපේ ජනතාවට රැකියා හම්බවෙන්නේ නෑ ඒ එන ජනතාව අඩුගානේ බදුවත්වත් ගෙවන්නේ නෑ ඔවුන් බදුවලින් නිදහස්
ප්‍රශ්නය,
එහෙනම් ඔබ කරන්න යන්නේ චීනයේ සිට එන සෘජු විදේශ ආයෝජන සීමා කරන්න ද?
මලයාසියානු අග්‍රාමාත්‍ය, ආචාර්ය මහතීර් මොහොමඩ්,
නැහැ සෘජු විදේශ ආයෝජනයක් කියන එකට හොඳ නිර්වචනයක් තියෙනවා. ඔවුන් මෙහෙ කර්මාන්ත ශාලා පටන්ගන්න ඕනේ නම් අපේ ජනතාවට එවට බඳවා ගන්න අපේ කළමනාකරුවන් ඒ සඳහා යොදාගන්න. එහෙනම් එම ආයෝජකයින්ට අවස්ථාව තියෙනවා.