කොළඹ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිටී

කොළඹ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිටී

by Sagarika Chathumali 15-05-2018 | 10:56 AM
COLOMBO (News 1st)  : බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක විදුලි බලය ඇණහිට තිබේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අදාළ තත්ත්වය යටතේ මේ වන විට ශ්‍රි ජයවර්ධනපුර. රත්මලාන, දෙහිවල, පන්නිපිටිය යන ග්‍රීඩ් උප පොළවල් හරහා විදුලිය බෙදාහරින ප්‍රදේශවලට විදුලි බලය ඇණහිට ඇති බවයි. ගිගාවොට් 220 ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයය අද පෙරවරු 7.20 ට පමණ, එලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ. සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. අදාළ ප්‍රදේශවලට කඩිනමින් විදුලි බලය ලබාදීමට කටයුතු කරන බව ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.