කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට පිරිසක් විරෝධතාවක

කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට පිරිසක් විරෝධතාවක

by Hashini De Mel 15-05-2018 | 5:41 PM

COLOMBO (News 1st) - අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිරකරමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත් විය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ රෝහල් සංවර්ධන කමිටුවයි. මේ සඳහා වෙළෙඳ ප්‍රජාව මෙන්ම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න පිරිස් එක්ව සිටියහ. උද්ඝෝෂකයින් පැවසූවේ, මීට කලකට පෙර පහසුකම් සහිතව තිබූ කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහල මේවන විට අභාවයට ගොස් අති බවයි. විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් අනුරාධපුර - ත්‍රිකුණාමල මාර්ගය රෝහල ඉදිරිපිටින් අවහිර කර ඇත. පසුව එක් මන්තීරුවන් පමණක් විවෘත කරමින් මාර්ගයේ ගමනාගමනයට ඉඩ සලසා දී තිබේ.