ඇණහිටි විදුලි බලය යථා තත්ත්වයට

ඇණහිටි විදුලි බලය යථා තත්ත්වයට

by Hashini De Mel 15-05-2018 | 5:08 PM

COLOMBO (News 1st) - බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ ප්‍රදේශ රැසක විදුලි බලය ඇණහිට තිබේ. එලෙස විදුලි බලය ඇණහිට තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර, රත්මලාන, දෙහිවල, පන්නිපිටිය යන ග්‍රීඩ් උපපොලවල වලින් විදුලිය බෙදාහරින ප්‍රදේශවලටයි. ගිගාවොට් 220 ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය අද පෙරවරු 7.20 ට පමණ, එලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ.