by Hashini De Mel 15-05-2018 | 10:46 PM
COLOMBO (News 1st) - ආහාර විෂවීමක් හේතුවෙන් මරදන්කඩවල, පෙරියකුලම ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේ 30 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 46 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම පිරිස මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි.
හතු වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන් රෝගාතුර වී ඇති බව පොලීසිය පැවසුවේ ය.