දෙවන රග්බි ක්‍රීඩකයාත් මිය යයි

අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මිය යයි

by Hashini De Mel 15-05-2018 | 4:25 PM

COLOMBO (News 1st) - සුහද රග්බි තරගාවලියකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත ව සිටි බෙඩ් තෝමස් රිඩ් මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මිය ගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 27 ක් වනු ඇත. පෙරේදා දිනයේදී ඔහුගේ කණ්ඩායමේ තව ත් රග්බි ක්‍රීඩකයෙකු ද කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ ය. ඔහුගේ මිය යාමට හේතුව මත්පැන් හා මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට හෙළිවී ඇත. ඒ මරණය සම්බන්ධයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. මරණයට හේතුව සඳහා තවදුරටත් විමර්ශනය කළ යුතු බව ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තවේ සඳහන් වේ. සුහද රග්බි තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ කොළඹ නවාතැන් ගෙන සිටි රග්බි ක්‍රීඩකයා පෙරේදා රාත්‍රියේ මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.