අයර්ලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරදී

අයර්ලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරදී

by Hashini De Mel 15-05-2018 | 10:00 PM

COLOMBO (News 1st) - අයර්ලන්තය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පකිස්ථානය කඩුලු 5ක ජයක් අද වාර්තා කර ඇත.

ඩබ්ලින්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය රැස් කළ ලකුණු 310 ට පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 130 ක් පමණි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවකට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 339 ක් රැස් කළේ ය. කෙවින් ඕ බ්‍රයන් ලකුණු 118 ක් රැස් කළ අතර ඔහු ඉතිහාසයට එක් වූයේ, අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙසයි. පකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හිමි විය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 14කදීයි. අනතුරුව ඉමාම් උල් හක් සහ බාබාර් අසාම් පකිස්ථාන ඉනිම ගොඩනැගුවාවේ ය. අසාම් ලකුණු 59 කි. ඉමාම් ලකුණු නොදැවී ලකුණු 74ක් රැස් කළේ ය. පකිස්ථානය තරගය ජය ගත්තේ පන්දුවාර 45 කදී කඩුලු 5ක් දැවී සිටියදීයි.