රාජ්‍යතාන්ත්‍රික සේවාවේ බිඳවැටීමක් ?

හිස් වූ තානාපති පුටු නිසා රාජ්‍යතාන්ත්‍රික සේවාවේ බිඳවැටීමක් ?

by Hashini De Mel 14-05-2018 | 10:10 PM

COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අනුව අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, රුසියාව, බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල තානාපති හා මහ කොමසාරිස් තනතුරු පුරප්පාඩුවී ඇත.

මාස 9 ක සිට අමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයෙකු පත් කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ. මාස 3 ක සිට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය පුරප්පාඩුව පවති. ලොව තව ත් ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ ද ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 3 ක සිට පුරප්පාඩුව පැවතීම විශේෂත්වයක් වනු ඇත. පසුගිය වසර 2 ඇතුළත අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා රාජතාන්ත්‍රික විදෙස් සංචාර 10 කට වැඩි සංඛ්‍යාවකට සහභාගී වී තිබේ. 2017 ජනවාරි 16 වන දා අගමැතිවරයා ස්විට්සර්ලන්ත සංචාරයක 2017 පෙබරවාරි13 වන දා සිට අගමැතිවරයා සිව්දින ඔස්ට්‍රේලියානු සංචාරයක දින 5 ක සංචාරයක් සඳහා 2017 අප්‍රේල් 10 වන දා අග්‍රාමාත්‍යවරයා ජපානයට එම වසරේම අප්‍රේල් 16 වන දා අගමැතිවරයා වියට්නාම සංචාරයක 2018 මාර්තු 11 වන දා ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක උළෙල සඳහා ජනපති ඉන්දියාවට 2018 මාර්තු 12 වන දා අනතුරුව ජපන් සංචාරයකට ජනපති එක්වෙයි පසුගිය මස 18 වන දා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එක්සත් රාජධානියේ ජනපති නිල සංචාරයක 2018 මැයි 12 දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉරානයට ආණ්ඩු කරන දේශපාලන නායකයින් හා මැතිඇමතිවරුන් එතෙර සංචාර සඳහා වැය කළේ මෙරට මහජනතාවගේ මුදල් නමුත් ශ්‍රී ලංකාවට ලැබුණු අයෝජන හා ප්‍රතිලාභ මොනවා ද?