වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංකේත වැඩ වර්ජනයක

වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංකේත වැඩ වර්ජනයක

by Sagarika Chathumali 14-05-2018 | 6:47 AM
වයඹ පළාතේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, ඉල්ලීම් 8 ක් මුල් කර ගනිමින් මෙම සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි. මෙම වැඩ වර්ජනය යටතේ ඩෙංගු මර්දන රාජකාරිවලින් ද තම සාමාජිකයින් ඉවත් වන බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍යකුමාර වඩුගේ මහතා සඳහන් කළේ ය. පසුගිය අගහරුවාදා සිට ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමිනි.