චීනයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක පුවතක්

චීනයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක පුවතක්

by Hashini De Mel 14-05-2018 | 7:32 PM

COLOMBO (News 1st) - චීනය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලාංකාවේ චීන තානාපතිවරයා අද අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු මෙම සතුටුදායක ප්‍රවෘත්තිය දැනුම්දී ඇති බවයි. මෙම ණය මුදල චීනය විසින් ලබාදීමට එකඟවී ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ය. අග්‍රාමාත්‍ය කාර්යාලය මෙය සතුටුදායක ප්‍රවෘත්තියක් ලෙස හුවාදැක්වුව ද අමෙරිකානු ඩොලර් බිලියනයක් ණයට ගැනීම යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 160 කට ආසන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් චීනයට ණය වීමකි. අදාළ ණය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතියක් හිමි වුයේ ද?  එම ණය කොන්දෙසි කවරේ ද පොලී අනුපාත හා වාරික ගෙවීම් කරන්නේ කෙසේදැයි, පිළිබඳව මේ රටේ මහජනතාව දැනගත යුතු බව අප සිහිපත් කිරීමට කැමත්තෙමු.