ගෝලීය ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සුදානම් ද?

ගෝලීය ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සුදානම් ද?

by Hashini De Mel 14-05-2018 | 8:32 PM

COLOMBO (News 1st) - වියත්මග වාර්ෂික සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත් විය.

බුද්ධියෙන් බලගැන්වුනු ශ්‍රී ලංකාවක් යන තේමාවෙන් පැවති මෙම සමුළුවේදී 2030 කරා යන ජාතිය ගොඩ නැගීමේ මාර්ග සැලසුමට අවශ්‍ය ප්‍රායෝගික හා උපායමාර්ගික දැක්ම මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද සමුළුවට ආරාධනා ලැබ සිටි අතර වෘතිකයින්, වියතුන්, ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් ඊට එක් ව සිටියහ. විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේරත්න, ආචාර්ය මොහොමඩ් ඉස්මාල් රම්සි, මනෝ සේකරම්, එරන්ද ගිනිගේ, මහාචාර්ය රොහාන් ගුණරත්න හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එහිදී අදහස් පළ කළහ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතමින් කියා සිටියේ, ගෝලීය ආර්ථීක අභියෝගවලට ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බවයි. හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ
20යි 30 වර්ශය වන විට චීනයේ ආර්ථීකය අමෙරිකාවේ ආර්ථිකය වගේ දෙගුණයක් වෙනවා. ඉන්දියාවේ ආර්ථිකය තුන්වන ස්ථානයට පත් වෙනවා. ජපානය හතරවන ස්ථානයටත් ඉන්දුනිසියාව පස්වන ස්ථානයටත් පත්වනවා. චීනයේ, ඉන්දියා, ජපානය, ඉන්දුනිසියා ආසියාවේ මුළු ලෝකයේම පළවෙනි, දෙවනි, තුන්වන, හතරවන, පස්වන ස්ථානවලට පත්වන විට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ඉන්දු ආසියා ප්‍රදේශයට පැමිනෙවා. මේ ගෝලීය ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සුදානම් ද? ආර්ථික වර්ධනය තමයි අද තියෙන සෑම ප්‍රශ්නයටම පිළිතුර. අපි අපේ රටේ මුලික පදනම විය යුත්තේ ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය තමයි අඩි තාලම අපි ආර්ථික වර්ධනය ආර්ථික ව්‍යුහය වෙනස් කර ගන්නට අවශ්‍යයි. ආර්ථීක ස්ථාවරයට හා තිරසාර වර්ධනයට නිසි අධ්‍යාපනයක් අවශ්‍යයි. ජනතාවගේ අවශ්‍යතායන් වඩාත් පුළුල් වෙලා තියෙනවා. ද්‍රව්‍යයම අවශ්‍යතා සහ සංස්කෘතික අවශ්‍යතාවයන් ප්‍රජාතත්ත්‍රවාදය වර්ධනය විශේෂයෙන්ම සැම ජන කොටසක් තුළම ඇති සමානතාවය තහවුරු කිරීම, සැම පුද්ගලයෙක්ටම වටිනාකමට ගරු කිරීම නිදහස ඒ වගේම ඒම නිත්‍ය ආධිපත්‍ය ප්‍රවර්ධනය, සාධාරනත්වය හා යුක්තිය ආරක්ෂාව ඒ වගේම තරුණ පරපුරට විශේෂයෙන්ම හොඳ පරිසරයක් වෙනුවෙන් ඇති ඉල්ලිම ද අද වැඩි වෙලා තියෙනවා. ආර්ථීක ප්‍රතිසංස්කරණයන් සහ නීතිමය පාලනය මේ යන දෙකම එක්ව යා යුතුයි. පරිපුර්ණ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට නම් නීතිය ක්‍රියා කිරීමට සහතික කරන්න අවශ්‍යයි. ඒ වගේම අධිකරණයේ යුක්තියට ඉඩ දිය යුතුයි ඒ වගේම මේ රටේ සියලු දෙනාම ව්‍යවස්ථාවට ගරු කර යුතුයි. සියලුම පුද්ගලයින් සියලුම සංවිධාන ව්‍යවස්ථා රාමුව තුළ ක්‍රියා කළ යුතුයි. කිසිම පුද්ගලයෙන් ව්‍යවස්ථා හා නීතිය අභිබවා යෑමට අයිතියක් නැහැ. අපිට මේ ආර්ථිකය වර්ධනයට තවත් බාධාවක් තමයි රාජ්‍යතන්ත්‍රය තුළ ඇති දුෂණය, පාලකයන් හා නිලධාරීන් දුෂණයෙන් ඇත් කිරීමට අපි තීරණගත යුතුයි. ඉහළ මට්ටමේ දේශපාල හා නිලධාරීන් බිහි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අවසානයේ ආර්ථීකයක් ගොඩ නගන්නේ ප්‍රතිපත්ති හා පිළිවෙත් මත නෙමෙයි ඒ ප්‍රතිපත්ති හා පිළිවෙත් ක්‍රියාත්මක කරන මිනිසුන් මතයි. ඒ වගේම ආර්ථීකයක් ගොඩ නැගෙන්නේ ප්‍රාග්ධන ගලනය මත නොවේ. ඒ ප්‍රාග්ධනය නිසි අයුරින් ආයෝජනය කරන මිනිසුන් මතයි. ආර්ථීකය ගොඩ නැගෙන්නේ ආර්ථීක විශේෂඥයින් ඉදිරිපත් කරන නිෂ්පාදන හා අපනයන දත්ත මත නොවේ. දිනපතා බස් රථයෙන් හෝ පයින් වැඩට ගිහින්ලා ඒහෙම නැත්තම් ගොවිපොළට ගිහිල්ලා පැය 8 කට වැඩි ප්‍රමාණයක් කාර්මාන්ත ශාලාවක හෝ ගොවිපලේ වැඩ කරන මිනිසුන් මතයි.