by Hashini De Mel 14-05-2018 | 4:06 PM
COLOMBO (News 1st) - ඉවතලන ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථ ප්‍රදර්ශනයක් ඊයේ දිනයේ යාපනයේදී පැවැත් විය.
එම මෝටර් රථ නිෂ්පාදනය කර ඇත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරවනබවානන්ද අයියර් මහතා විසිනි.
දේශිය නිෂ්පාදන ඉහළ නැංවීම උදෙසා මෙම මෝටර් රථ නිපදවූ බව මහචාර්යවරයා පවසයි.
මෙම ප්‍රදර්ශනයට මෝටර් රථ වර්ග 4 ක් එක් කර තිබුණි.
ඒවා මෙසේය,
1. අල්ට්‍රා ලයිට් පිකප් (මෙහි දෙදෙනෙකුට ගමන් කර හැකියි)
2. Jaffna Style Cool Car (එක් පුද්ගලයෙකුට ගමන් කර හැකියි)
3. සෝලා පවර් බේබි කාර් (ළමයි සඳහා)
4. පැඩල් පවර් කාර් (ළමයි සඳහා)
තව ද මේ අතර මහාචාර්ය සරවනබවානන්ද අයියර් මහතා විසින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදියක් ද නිමවා තිබේ.