ඇමති ආරක්ෂකගේ ගිනි අවිය ගත්තේ කවුද?

ඇමති ආරක්ෂකගේ ගිනි අවිය ගත්තේ කවුද?

by Chathuranga Rajapaksha 14-05-2018 | 7:58 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අසළ පැවැති පිළිගැනීමක් අතරතුරදී ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ අතුරුදන් වූ ගිනි අවිය සොයා තවමත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එම ගිනි අවියේ භාවිත කළ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක අංශය විසින් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අදාළ උත්සවය පසුගිය 08 වැනිදා පැවැත්වුණේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහායි.