ඉන්දීය ජීවිත 60ක් අයහපත් කාලගුණයට බිලි

ඉන්දීය ජීවිත 60ක් අයහපත් කාලගුණයට බිලි

by Sagarika Chathumali 14-05-2018 | 10:55 AM
COLOMBO (News 1st)  : කුණාටු සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසක පුද්ගලයින් 60 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මියගිය පුද්ගලයන්ගෙන් 38 දෙනෙකු ම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් බවයි. ඒ අනුව ඉකුත් දින 12 ක කාලය තුළ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුණාටු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 120 කි. මෙම කුණාටු තත්ත්වය ඉන්දියාවේ උතුරු ප්‍රදේශය, ඊසානදිග ප්‍රදේශය සහ දකුණු දිග ප්‍රදේශයේ ප්‍රාන්ත 4 ක ජනතාවට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් ය. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, නවදිල්ලි නුවර ආශ්‍රිතව ගුවන් ගමන් සහ දුම්රිය ප්‍රවාහන සේවා අඩාල වී තිබේ. මෙම තත්ත්වය ඉදිරි පැය 72 ක කාලයක් දක්වා කාශ්මීරය සහ ආන්ද්‍රා ප්‍රදේශ් අතර ප්‍රදේශ සඳහා බලපැවැත්වෙනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීහු අනතුරු අඟවති.