වෙහෙරගල සහ උඩවලව වාන් දොරටු විවෘත කෙරේ

වෙහෙරගල සහ උඩවලව වාන් දොරටු විවෘත කෙරේ

by Chathuranga Rajapaksha 13-05-2018 | 7:27 AM
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග වෙහෙරගල සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. ඒ, අනුව වෙහෙරගල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රියේ විවෘත කළ බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රාදේශිය වාරි ඉංජිනේරු අමිල ශිරන්ත මහතා සදහන් කළේ මේ හේතුවෙන් මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව ය. ඒ අනුව සෙල්ලකතරගම සහ කතරගම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සැළකිලිමත් විය යුතු බව ඔහු සඳහන් කළේය. මේ අතර උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.