විදුලි ගාස්තු ත් ඉහළ යයි ද?

විදුලි ගාස්තු ත් ඉහළ යයි ද?

by Hashini De Mel 13-05-2018 | 8:56 PM

COLOMBO (News 1st) - විදුලි ගාස්තු මිල වැඩිවීමක් සිදුවිය හැකිදැයි, විදුලිබල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ.

ඒ, ඊයේ කටුනායක අයෝජන කලාපයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි.
 මාධ්‍යවේදී ප්‍රශ්නය, චෝදනාව එල්ල වන්නේ තෙල් මිල ඉහළ යාමත් එක්ක විදුලිය මිලත් ඉහළ යයි කියලා? විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය, ‍ දැනට එහෙම නෑ අපි හැම විටම මේ රටේ පාරිභෝගික ජනතාවට ඔවුන් පිළිබඳව උපරිම සැලකිල්ලෙන් තමයි බිල අපි තීරණය කරන්නේ විදුලි බල මණ්ඩලය වාණිජ ආයතනයක් කිව්වට මම හිතන්නේ මේ රටේ තියෙන ප්‍රධානතම සුබසාධන ආයතනයක්. ඒකකයක සාමාන්‍ය මිල 17 / 18 වෙනවා දැන් මේ තෙල් මිලත් එක්ක මදක් වැඩි වෙයි. අපි ආදායම් අඩු පාරිභෝගිකයට එ්කකයක් විකුණන්නේ රුපියල් 4 ට දැඩි කුතුහලයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ අපි වඩාත් හොඳ තීරණයේ හැම වෙලාවේම ඉන්නවා කියලා මම කියනවා