ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක්

මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක්

by Chathuranga Rajapaksha 13-05-2018 | 9:05 AM
COLOMBO (News 1st) - 95 වන මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාවේ විනෝජ් සුරංජය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. ඒ, අවසන් තරගයේදී තත්පර 10 යි දශම 2 යි 7 ක දක්ෂතාවක් දක්වමිනි. එය මීටර් 100 තරග ඉසව්වේ විනෝජ්ගේ හොඳම දක්ෂතාව ලෙස වාර්තා වන අතර මේ වන තෙක් එය නිල වශයෙන් නිවේදනය කර නොමැත. ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක ද මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 11 යි දශම 7 යි 6 ක දක්ෂතාවක් දක්වමිනි. මීටර් 400 පිරිම ධාවන තරග ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සමත් විය. දින 3 ක් පුරා මලයාසියාවේ ක්වාලාලාම්පූර් හීදී පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය අදයි.