ප්‍රංශයට යළි ත් ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයට යළි ත් ත්‍රස්ත ප්‍රහාරයක්

by Chathuranga Rajapaksha 13-05-2018 | 8:30 AM
(News 1st) - ප්‍රංශයට යළි ත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මධ්‍යම පැරිසියේ සංචාරකයන් බහුලව ගැවසෙන ඔපෙරා දිස්ත්‍රිකයේදී පිහියක් අතැතිව සිටි පුද්ගලයකු එල්ල කළ ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව ය. ප්‍රංශ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ප්‍රහාරකයා ද මියගොස් තිබේ. ප්‍රහාරයේ වගකිම අයි.එස්. ත්‍රස්ත්‍රවාදින් භාරගෙන ඇති අතර ඔවුන් කියා සිටියේ තම සොල්දාදුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව ය බවය. මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කියා සිටියේ යළි ත් වරක් ප්‍රංශයට රුධිරයෙන් වන්දි ගෙවීමට සිදුවු නමුත් සතුරන්ට කිසිඳු නිදහසක් ලබා නොදෙන බව ය.