භූමිතෙල් සහනාධාරය ලබන 01වනදා සිට

භූමිතෙල් සහනාධාරය ලබන 01වනදා සිට

by Chathuranga Rajapaksha 13-05-2018 | 8:50 AM
COLOMBO (News 1st) - භූමිතෙල් මිල වැඩි කළ ද, විදුලිය සැපයුම් නොමැති සමෘද්ධි ප්‍රතිලාභින්ට සහ වතුකරයේ ජනතාවට මෙන්ම විදුලිය සැපයුම නැති ප්‍රදේශවල ජනතාවට භූමිතෙල් සහනාධාර ලබන මස 01 වැනිදා සිට ගෙවීමට කටයුතු යොදා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, අනුව එම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව පවුල් 47,555කි. මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිට විදුලිය නොමැති සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධි දීමනාවට අමතරව භූමිතෙල් සහනාධාරය ගෙවීමට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට ප්‍රතිපාදන නිකුත් කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා බාහිර මෝටර් බෝට්ටු භාවිත කරන ධීවරයින් සංඛ්‍යාව 24, 282කි. ඔවුන් සඳහා ද අදාළ දීමනාව ලබන මස 01 වැනිදා සිට ගෙවනු ඇති. ඉන්ධන මිල වැඩි කිරීම සදහා වන මිල සුත්‍රය අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කර පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව සෑම මාස දෙකකට වරක් විදේශිය වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනය වීම අනුව දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අඩු වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.