දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්

දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්: තද වැසි ඇතිවිය හැකියි

by Chathuranga Rajapaksha 13-05-2018 | 6:32 AM
COLOMBO (News 1st) - දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබද අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව ය. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. වැසි තත්ත්වයත් සමග කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ ඒ පිළිබඳව පැහැදිලි කරන මේ එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-13-PRADEEP-KODIPPILI-.mp3