by Hashini De Mel 13-05-2018 | 9:30 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ඩී. ජී. ඩී. සඳනුවන් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් පිරිමි ධාවන තරග අද ජය ගත්තේ ය.
මැරතන් කාන්තා ඉසව්වේ ජය බස්නාහිර පළාතේම සුජානි පෙරේරා ට හිමි විය.
කුරූණෑගල, පාදෙණියේදී පැවති පිරිමි මැරතන් තරගයේ ජය හිමි කර ගත් ඩී. ජී. ඩී. සඳනුවන් පැය 2 යි මිනිත්තු 26 යි තත්ත්පර 23 කින් තරගය අවසන් කළේ ය.
දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් බස්නාහිර පළාත නියෝජනය කළ එස්. ටී. ගුණසේකර සහ මහේෂ් ගුණතිලකට හිමි විණි.
පැය 2 යි මිනිත්තු 55 යි තත්ත්පර 3 ක කාලයකින් තරගය නිමා කළ සුජානි පෙරේරා මැරතන් කාන්තා අංශයේ ජය හිමි කර ගත්තා ය.
බස්නාහිර පළාත නියෝජනය කළ කුමාරි ප්‍රනාන්දු දෙවැනි ස්ථානය හිමි කර ගත් අතර සබරගමුව පළාත නියෝජනය කළ නිසංසලා බණ්ඩාර තෙවැනි ස්ථානය ලබා ගනිමින් තරගය නිම කළාය.