ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනපති හමුවෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනපති හමුවෙයි

by Chathuranga Rajapaksha 13-05-2018 | 12:07 PM

COLOMBO (News 1st) - ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට ජනාධිපති හසන් රූහානි මහතා හමු විය.

ඒ, ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉරාන රජයෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. ඉරාන – ශ‍්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව ද මෙම සංචාරයේදී අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග හා ඉන්ධන පිරිපහදු සංකීර්ණ ඉදිකිරීමටත්, පවතින පිරිපහදු සංකීර්ණ පුළුල් කිරීමටත් ඉරානය සහාය ලබාදෙන බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා මෙහිදී සඳහන් කළේ ය. කොළඹ සහ ටෙහෙරාන් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයෙන් ඉල්ලිමක් කර ඇත. මෙහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි. ඒ, මත්ද්‍රව්‍ය නිවාරණය, සංස්කෘතික, අධ්‍යාපන, සිනමා හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට අදාලවයි.