ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

by Chathuranga Rajapaksha 13-05-2018 | 7:01 AM
COLOMBO (News 1st) - තද වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ, අනුව ගාල්ල නගරය ආසන්න සංඝමිත්තා පාර ද යට වී තිබේ. එමනිසා පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-13-DHAMPATH-RATHNAYAKE-.mp3