කෑගල්ල, පිංදෙණියේ නිවාස පෙළක් මතට ගසක් කඩා වැටෙයි

කෑගල්ල, පිංදෙණියේ නිවාස පෙළක් මතට ගසක් කඩා වැටෙයි

by Chathuranga Rajapaksha 13-05-2018 | 8:10 AM
COLOMBO (News 1st) - කෑගල්ල, පිංදෙණිය අක්කර 50 ප්‍රදේශයේ නිවාස පෙළක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 45 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගස කඩා වැටීමෙන් එහි සිටි ගැහැණු ළමුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය. ඔවුන් මේ වනවිට පිංදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරින් නිවාස 8 කට අලාභ හානි සිදුව තිබේ. මේ අතර දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන්, කළේ දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව ය. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. වැසි තත්ත්වයත් සමඟ කදුකර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.