සමෘද්ධි බැංකු නියාමනයට අධීක්ෂණ කමිටුවක්?

සමෘද්ධි බැංකු නියාමනයට අධීක්ෂණ කමිටුවක් පත් කිරීමේ තීරණයක් - මහ බැංකු අධිපති

by Chathuranga Rajapaksha 12-05-2018 | 7:04 AM
COLOMBO (News 1st) - සමෘද්ධි බැංකු නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා වූ බව ය. දිවි නැගුම පනත යටතේ පිහිටුවා ඇති සමෘද්ධි බැංකු පාලනය වන්නේ කළමණාකරණ කමිටුවක් මගිනි. එම කමිටුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් දෙදෙනෙකු ද ඇතුළත් වේ. මහ බැංකු අධිපතිවරයා පැවසුවේ සමෘද්ධි බැංකු සඳහා නව අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමට යෝජනා වූයේ ඒවායේ පාලනය වඩාත් ශක්තිමත් කොට ජනතාවට පුළුල් සේවයක් ලබා දීමේ අරමුණින් බව ය.