රෆායල් නඩාල් මැඩ්රීඩ් ටෙනිස් තරගාවලියෙන් ඉවතට

රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

by Chathuranga Rajapaksha 12-05-2018 | 8:34 AM
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයෙන් පරාජයට පත්විය. මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරාගවලිය මේදින වලදී ස්පාඤ්ඤයේදී පැවැත්වේ. ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් රෆායල් නඩාල් සමග තරග කළේය. තරගයේ පළමු වටය ලකුණු 7ට 5ක් ලෙසින් තීම් ජය ගත්තේය. ඔහු පැවති දෙවැනි වටය ද ජය ගත්තේ ලකුණු 6ට 3ක් ලෙසනි. අවසන් තරග සටහන දැක්වුණේ ලකුණු 2 ට 0 ක් ලෙසින් ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම්ට ජය හිමිකර දෙමිනි. ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මෙවර මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වන්නේ මැටි සහිත ටෙනිස් පිටියකදී තරග ජයග්‍රහණ 50 හේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වෙමිනි. ඒ අනුව මීට වසර 34කට පෙර අමෙරිකාවේ ජෝන් මැකින්රෝ ටෙනිස් තරග වට වැඩිම සංඛ්‍යාවක් ජය ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව මේවන විට නඩාල් සතු වේ. මැකින්රෝ එම වාර්තාව පිහිටුවා තිබුණේ ටෙනිස් තරග වට 49ක් ජය ගනිමිනි.