රත්මලාන සහ මීරිගම රෙදිපිළි ආයතන 2ක් ගිනි ගනී

රත්මලාන සහ මීරිගම රෙදිපිළි ආයතන 2ක් ගිනි ගනී

by Chathuranga Rajapaksha 12-05-2018 | 2:09 PM
COLOMBO (News 1st) - රත්මලාන, බොරුපන පාරේ පෞද්ගලික ඇගළුම් ආයතනයක ගබඩාවක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න නිවීම සඳහා සිය සේවා රථ දෙකක් යොමු කර ඇති බව ය. අද පස්වරු 1.30 ට පමණ ගින්න හටගෙන තිබේ. ගල්කිස්ස ගිනි නිවීම් ඒකකයෙන් ද සේවා රථ 3 ක් යොමු කළ බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. මේ අතර මීරිගම නගරයේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. ගම්පහ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්නෙන් වෙළඳසැලය හානි සිදුව ඇති බව ය. ගිනි නිවිම් සේවා රථ 2ක් යොමු කර ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.